මහවිරු දිනය සමරන්න සියල්ල සූදානම්

මහවිරු දිනය සමරන්න සියල්ල සූදානම්

ලබන නොවැම්බර් මස  විසිහත් වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සදහා මුලතිව් මුල්ලිවයික්කාල් පළාතේ සුසාන භූමී සුද්ද කිරීමේ කටයුතු 22 දා ආරම්භ කොට තිබුණි.

මෙවරද මහවිරු දිනය සැමරීමේ ප්‍රධාන උත්සවය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් හා යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.

ඊට අමතරව ගම්මට්ටමින් ඒ ඒ සුසාන භූමිවලදී මහවිරු සමරු උළෙලවල් සංවිධානය කොට ඇති අතර මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ව සිහි කිරීම සදහා සතියක කාලයකට මහවිරු සතියක් දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

නොවැම්බර් මස 26 වෙනිදාට ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදී ඇති අතර මහවිරු දිනය සැමරෙන්නේ නොවැම්බර් මස 27 වෙනිදාය.

නොවැම්බර් මස 21 වෙනිදා සිට 27 දක්වා වූ කාලය මහවිරු සතිය බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශයට පත් කොට ඇති අතර මෙවර උතුරේ පැවැත්වෙන මහවිරු සමරු උළෙලවල් සදහා එල්.ටී.ටී.ඊ.යේ සිට මියගිය සාමාජිකයින්ගේ නැගෙනහිර පළාතේ ඥාතීන්ව  උතුරට කැදවාගෙන ඒමටද නියමිතව ඇත.

(දිනසේන රතුගමගේ)

No comments:

Powered by Blogger.