උතුරු සභේ නිල කාලය අවසන් වීමත් සමග මහඇමතිගේ ඉදිරි දේශපාලනය ගැන විශේෂ නිවේදනයක් කරන්න සැරසෙයි

උතුරු සභේ නිල කාලය අවසන් වීමත් සමග මහඇමතිගේ ඉදිරි දේශපාලනය ගැන විශේෂ නිවේදනයක් කරන්න සැරසෙයි

උතුරු පලාත් සභාවේ නිල කාලය 25 වනදා අවසන් වීමට නියමිතව ඇති බැවින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විශයෙන් සිටි සී.වී.විග්නේශ් වරන් මහතා එතුමන්ගේ ඉදිරි දේශපාලන ගමන්මග සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාව හරහා ලබන 24 වනදා විශේෂ නිවේදනයක් නිකුත් කරන බවට දෙමළ ජනතා සභාව මගින් නිවෙදනයක් නිකුත් කොට ඇත.

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නඩරාජා පරමේශ්වරී ශාලාවේදී දෙමළ ජනතා සභාව ලබන 24 වනදා රැස්වීමට නියමිතව ඇති අතර එහිදී දෙමළ ජනතා සභාවේ සමසභාපතීත්වය දරන සී.වී.විග්නේශ්වරන් මහතා විසින් ප්‍රධාන දේශනය සිදු කිරීමට නියමිත බවට දෙමළ ජනතා සභාව මගින් නිකුත් කොට ඇති එම නිවේදනයේ සඳහන්ව ඇත.

එම එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ දෙමළ දේශපාන මතයන් හා ඉදිරි ගමන්මග සම්බන්ධයෙන් 24 වනදා රැසවන දෙමළ ජනතා සභාවේ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවටත් එහිදී ප්‍රධාන දේශනය උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් සිටි සී.වී.විග්නේශවරන් මහතා සිදු කිරීමට නියමිතව ඇති අතර එතුමන් විසින් එහිදී ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලනික ගමන්මග සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් කිරීමට නියමිත බවටද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.              

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Powered by Blogger.