විරෝධතාවයේ නියුතු ත්‍රිරෝද රථ රියදුරෝ ඌබර් සහ පික් මී රියදුරන්ට පහර දෙයි - මගීන්ටත් තර්ජන

විරෝධතාවයේ නියුතු ත්‍රිරෝද රථ රියදුරෝ ඌබර් සහ පික් මී රියදුරන්ට පහර දෙයි - මගීන්ටත් තර්ජන

අද (22) උදෑසන කොළඹ, නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

“සමස්ත ටැක්සි රියදුරන් සුරාකෑම සහ අසාධාරණ සියයට 25 ක කොමිස් මුදල්වලට එරෙහිව“ මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇත.

මෙහිදී පික්මී (Pick Me) රියදුරන් හා සාමාන්‍ය කුලී රථ රියදුරන් රුපියල් 1500ට අය කරනු ලබන ගමන් ගාස්තුවක් සඳහා ඌබර් (Uber) කුලී රථ රියදුරන් රුපියල් 700ට වැනි ඉතා අඩු මුදලකට ගමන් ගන්නා බවත්, එය ලංකාවට ඉතා හානිදායක තත්ත්වයක් බව ද කුලී රථ රියදුරන් පවසති.

ඌබර් ආයතනය තුළින් මුලික වශයෙන් මුදල් පිරටට ගමන් කරන බවත්, එය ලංකාවට කිසි විටෙකත් වාසිදායක තත්ත්වයක් නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසින් ඌබර් ආයතනයේ ප්‍රධාන කාර්යාලය වටලා කලහාරී ලෙස හැසිරී ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර විරෝධතාවයේ නියුතු ත්‍රිරෝද රථ රියදුරෝ ඌබර් සහ පික් මී රියදුරන්ට පහර දී ඇති අතර ඔවුන්ගේ දුරකථන වලටද හානි සිදු කර ඇති අතර මගීන්ටද තර්ජනය කර ඇති බවද සිද්ධිය ඇසින් දුටුවන් ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

No comments:

Powered by Blogger.