නාලකගේ හා නාමල්ගේ කටහඬවල් ගැළපෙයි

නාලකගේ හා නාමල්ගේ කටහඬවල් ගැළපෙයි

ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි  බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට 124 න් 123 ක්ම සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා අද (23)    අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ  අද නඩුව කැඳවු අවස්ථාවේදී රසපරීක්ෂකවරයා මේ බව දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා ඇත්තේ නාලක ද සිල්වා මහතාගේ කාමරයේ තිබී ඔවුන් බාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ ඔහු භාවිත කළ ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් හරහාද තොරතුරු හුවමාරු වී ඇති බවයි.

සියලු තොරතුරු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එහි රස පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

No comments:

Powered by Blogger.