යාපනයේදී දුම්රිය දෙකක් එකම පීල්ලේ ඇවිල්ලා අනතුරක්‌ නූලෙන් වැළකෙයි


   
යාපනයේ කොණ්‌ඩාවිල් දුම්රිය ස්‌ථානයේදී 15 දා රාත්‍රි සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක්‌ අවසන් මොහොතේදී බේරා ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.


කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය යාපනයේ කොණ්‌ඩාවිල් දුම්රිය ස්‌ථානය වෙත ළඟා වෙමින් තිබියදී කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ අනෙක්‌ ශීඝ්‍රගාමී දුම්රිය ද ඒ දුම්රිය පීල්ලේම ධාවනය වෙමින් තිබීම නිසා විශාල දුම්රිය අනතුරක්‌ සිදුවීමට ගොස්‌ ඇත.

නමුත් අවසාන මොහොතේදී එක්‌ නිලධාරියෙක්‌ මේ තත්ත්වය දැක වහාම සංඥ වෙනස්‌ කොට දුම්රිය පීලි මාරුකිරීම නිසා අනතුර වැළකී ගොස්‌ තිබේ.

මේ දුම්රිය දෙකේම ඒ අවස්‌ථාව වන විට මගීන් දෙදාස්‌ පන්සීයකට වඩා වැඩි ප්‍රමාණයක්‌ සිටි බවට තොරතුරු වාර්තාවේ.


No comments:

Powered by Blogger.