දඹුල්ලේ වීදුරු වලින් වැඩදැමු පුද්ගලයගේ බඩෙන් වීදුරු කටු මතු වුනු හැටි

දඹුල්ල නගරයේ සංදර්ශනාත්මකව හා භයානක අයුරින් විදුරු කටු කැබලි ගිල දමමින් මුදල් එක්රැස් කරමින් සිටි පුද්ගලයකු 12 වැනිදා දඹුල්ල පොලිසියේ නිලධාරීන් විසින් අල්ලා ගෙනවිත් රෝහල ගත කිරීමෙන් පසු සිදුකරන ලද සැත්කමකින් පසු උදරයේ තිබී ගිලින ලද විදුරු කැබලි විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
දඹුල්ල මුලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජේ.ගුණතිපන් මහතා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් උදර සැත්කම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මොහමඞ් සාදික් නම්වූ 31 හැවිරිදි පුදගලයෙක් මෙසේ සැත්කමට ලක් කෙරුණා.
විදුරු කැබලි ගිල දැමීම පුරුද්දක් වශයෙන් කර ඇත
අවස්ථා හයකදී මොහුගේ උදරය සැත්කම්වලට ලක්කර විදුරු කැබලි ඉවත් කර ඇති බව නිරීක්ෂණය කළ බවත් පැවසූ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ තුවාලකරුගේ සෞඛ්‍ය තත්වය යහපත්වූ පසු මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයාට යොමුකරන බවයි.
No comments: