"යාපනය පුස්තකාලයට ගිණි තියන කාලේ එජාප ආණ්ඩුවේ ලොකුගේ ඇමතිතුමත් හිටියා" - වෙල්ගම

යාපනය පුස්තකාලයට ගිණි තියන කාලේ එජාප ආණ්ඩුවේ ලොකුගේ ඇමතිතුමත් සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ගාමිණී ලොකුගේ මහත්තයා බොහොම ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක්. එතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කොට එතුමා දන්නවා එක්සත් ජාතික පක්ෂ රජයේ කාලෙ තමයි යාපනය පුස්තකාලය ගිනි තිබ්බේ. මේ ලෝකේ ඉස්කෝලේ පොතක් පාඩම් කරලා තියන මිනිහෙක් හිටියා නං ඒ මිනිහා කවදාවත් පුස්තකාලයට ගිනි තියන්නේ නෑ. අච්චර වටිනා යාපනය පුස්තකාලය ගිනි තිබ්බ හින්දා තමයි මහින්ද මහත්තයට අවුරුදු 30ක් ගියේ මේ යුද්ධය ඉවර කරන්න. ඒ යුද්ධය මෙච්චර දරුණු වුණේ එක්සත් ජාතික පක්ෂයේ මේ වගේ කණ්ඩායම් ගිහිල්ලා පුස්තකාලය ගිනි තිබ්බ නිසා. දැන් එක පැත්තකින් තියාගෙන ඉන්නවා මිනීමරුවෝ, අත්වල ලේ ගා ගත්ත අය, තව පැත්තකින් තියාගෙන ඉන්නවා බණ්ඩාරනායක පිළිරුව කඩපු, අපේ  බල මණ්ඩල ලේකම්වරයා නිර්වස්ත්‍ර කරලා ජංගිය පිටින් යවපු, ඒ වගේම අපේ සංවිධායකතුමාට පොලිසියේ o.i.c මහතා ඉදිරිපිටදීම කම්බුල් පාරක් ගහලා එතුමා බිමට ඇදල දාපු, යාපනේ පුස්තකාලේ ගිනිතිබ්බ, එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්යතුමාට, මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට පන්න පන්න පන්න බෞද්ධ මහා සම්මේලනය ගහපු අය ද මේ මම ගැන කතා කරන්නේ.”

No comments:

Powered by Blogger.