"මම ඔය සියලුදෙනාගේම අප්පච්චි" - පොලිස්පති යළිත් සංවේදී වෙයි (Video)

සෑම පොලිස් කාර්යාලයකම උදෑසන රාජකාරී ඇරඹීමට පෙර මෛත්‍රි භාවනාව සහ ආනාපානසති භාවනාව සිදු කරන ලෙස තමා උපදේශයක් ලබා දී ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

අද (26) පෙරවරුවේ කළුතර පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

කළුතර පොලිස් විද්‍යාල භූමියේ ඉදි කෙරෙන චෛත්‍යයට මුල් ගල තැබීම අද පෙරවරුවේ සිදු කෙරුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙනි.

අනතුරුව පොලිස් විද්‍යාල භූමියේ ඉදිකෙරුණු හින්දු කෝවිල විවෘත කිරීමද පොලිස්පතිවරයා අතින් සිදු කෙරුණේය.

සෑම විටම අනේකා සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් සංවේදි විය යුතු බවත් එය නිවැරදිව වටහා ගැනිම සඳහා භාවනා කිරිම වඩාත් යෝග්‍ය බවත් පොලිස්පතිවරයා පැවසුවේ ඉතාමත් සංවේදි වෙමින්ය.

එම වීඩියෝව පහතින්,

No comments:

Powered by Blogger.