දුම්රියේ හැපී අලි තිදෙනෙක් මරුට (PHOTOS)
හබරණ පලුගස්වැව පුවක්පිටිය ප්රදේශයේ දී ඉන්ධන රැගෙන යන බවුසරයක වන අලින් තිදෙනකු අද (18) අලුයම ගැටීමෙන් අලින් තිදෙනාම මියගොස් දුම්රියද මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇතැයි හබරණ පොලිසිය කියයි.
මෙසේ පෙරළී ගොස් ඇත්තේ කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්රවාහනය කරමින් තිබූ 593 අංක දරන දුම්රිය බව දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයෙකු පැවසීය.
අද අළුයම 5 ට පමණ එකවරම දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි මෙම වන අලින් තිදෙනා දුම්රියට බිලි වෙනවාත් සමඟ එක් ඇතින්නියක ගැබ්බරව සිට ඇතැයිද පොලීසිය කියයි. සිදුවූ අනතුරෙන් කුසේ සිටි අලි පැටවෙකු එලියට විසිවී මිය ගොස් ඇති බව පොලිසිය කියයි .අනිත් අලින් දෙදෙනාටද බරපතළ ලෙස තුවාල සිදුවි එම ස්ථානයේම මිය ගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.
දුම්රිය පෙරලී යාමත් සමඟ අළුයම් කාලයේ ටැංකිවල තිබූ ඉන්ධන පිටතට කාන්දු වීමත් සමඟ අවට ප්රදේශවාසීහු පැයක පමණ කාලයක් එම ස්ථානයෙන් හැලෙන ඉන්ධන භාජන වලට රැගෙන යන යෑමට ක්රියාත්මක වූ බව පොලිසිය කියයි. පසුව පොලිසිය මැදිහත්ව ජනතාව ඉවත් කොට එම ස්ථානයේ ආරක්ෂාව සඳහා දඹුල්ල සහ පොලොන්නරුව ගිනි නිවන අංශවල සහයෝගය ලබා ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.පසුව දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව ද කිවේය .
මේ අතරදී මියගොස් සිටි අලියකුගේ වලිගයේ කෙදි කොටස කිසියම් අයකු විසින් කපාගෙන ගොස් ඇති බව ජනතාව කියති.
හබරණ සහ පලුගස්වැව අතර ප්රධාන දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන්ම වනඅලින් අනතුරු සිදුවන බවත් දුම්රිය සේවකයන් මේ පිළිබඳව දැනුවත්ව සිටින බව දුම්රිය නිලධාරීහු පවසති. කෙසේවෙතත් මෙම අනතුරු අවම කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන්ව දැනුවත් කොට ඇතැයි දුම්රිය අධිකාරියේ නිළධාරියෙකු සඳහන් කළේය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
No comments: