ඕමන්ත දුම්රිය අනතුරින් තුවාල ලැබූ දැරිය ගුවනින් ස්වීඩනයට (PHOTOS)




වවුනියාව,ඕමන්ත පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ පසුගිය 16 වැනිදා සිදු දුම්රිය අනතුරින් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලැබු වයස අවුරුදු 6ක් වු කමලාදන් ජෙසිකා දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්වීඩනයට රැගෙන යාමට එරට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ඊයේ (24) දින පියවර ගෙන ඇත.

දැරියගේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ස්වීඩන් රාජ්‍යයේ සිට පැමිණ වෛද්‍යවරුන් කණ්ඩායමක් කටුනායක ගුවන්තොටුපොළ සිට වවුනියාව දක්වා හෙලිකොප්ටරයක් මඟින් පැමිණ,දැරිය වවුනියාව රෝහලෙන් භාර ගෙන සිය රටට ගෙනයාමට කටයුතු කරනු ලැබීය.

අදාළ කණ්ඩායම දැරිය හෙලිකොප්ටරයක් මඟින් කටුනායක ගෙන ගොස් අනතුරුව ගුවනින් සිංගප්පූරුවට ගෙන ගොස් ප්‍රතිකාර කොට අනතුරුව ස්වීඩන් රටට ගෙනයාමට කටයුතු කරනු ඇති බව දැරියගේ ඥාතීන් පැවසූහ.

දුම්රිය අනතුරින් අදාළ දැරියගේ මව වන වයස අවුරුදු 30 ක් වු  කමලනාදන් ශිවරංජනා නැමැත්තිය ජිවිතක්ෂයට පත්ව අතර, දැරියගේ පියා වන වයස අවුරුදු 34 ක් වු ජේමිස් කමලනාදන් නමැත්තා අනතුරින් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.

ස්වීඩන් රාජ්‍යයේ පුරවැසියන් වන අදාළ කණ්ඩායම නිවාඩුව සඳහා යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයට පැමිණ අනතුරුව සිට ඥාතීන් බැලීම වෙනුවෙන් කාර් රථයකින් වවුනියාව පණ්රිකෙයිදකුලම ප්‍රදේශ‍යට පැමිණිමේදී අදාළ කාර්රථය යාපනය සිට මාතර බලා ධාවනය වු දුම්රියේ ගැටිණ.

අනතුරින් වයස අවුරුදු 56 ක් වු ඉසෙයි ඥානවතී යෝගරත්නම් නැමති කාන්තාවක්,වයස අවුරුදු 30 ක් වු කමලනාදන් ශිවරංජනා නමැති කාන්තාවක්,වයස අවුරුදු 32 ක් වු කාන්දීපන් යමුනාරංජනා නමැති කාන්තාවක්, වයස අවුරුදු 13 ක් කාන්දීපන් දිසාලනී නමැති දැරියක් ජිවිතක්ෂයට පත්වු බවද පොලීසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අනතුරින් වයස අවුරුදු 34 ක් වු ජේමිස් කමලනාදන් නමැති පුද්ගලයෙකු, වයස අවුරුදු 06 ක් වු කමලනාදන් ජෙසිකා නමැති දැරියක්, වයස අවුරුදු 07 ක් වු කාන්දීපන් දර්ශිකන් නමැති දරුවෙකු හා කාර් රථයේ රියදුරු වු වයස අවුරුදු 53 ක් වු මුත්තයියා ගනපතී නැමැති පුද්ගලයෙකු තුවාල ලබා බේරුණ බවයි.

දැරියගේ භාහිර රෝගී තත්ත්වයන්ට අමතරව දැරිය දැඩි මානසික රෝගී තත්ත්වයට පත්ව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග පැවසූහ.



No comments:

Powered by Blogger.