"මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා" - CIDයේ නිලධාරීන් වැඩ කරපු හැටි ගැන ගෝඨා කියයි
තමන්ගේ ආරක්ෂාව වැඩි කරන කිසිඳු ඉල්ලීමක් තමා සිදුකර නොමැති බවත්, තමාට ජනතාවගේ ආරක්ෂාව ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ හංවැල්ලේ ඊයේ (24) පස්වරුවේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්ය.
ඝාතනය කිරිම් සම්බන්ධයෙන් තමන් බිය නෙවන බවත් එම තර්ජනවලට බයවී කිසිඳු ක්‍රියාවක් සිදු කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.
යුද්ධය පැවති සමයේද තමන්ව ඝාතනය කිරිමට ත්‍රස්තවාදින් උත්සහ කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ඒ කුමන්ත්‍රණ ඉතින් හැමදාම තියෙනවනේ. ප්රභාකරන් අපිව ඝාතනය කරන්න සූදානම් වුණා. ඒවාට ඉතින් අපි පින් කරලා තියෙනවනේ. ඝාතන වලට ඉතින් බයේ කරන්න බැහැනේ. ජිවත් වෙන්න බැහැනේ ඝාතන වලට බයේ. ජනතාව ඉන්නවනේ ආරක්ෂාවට. ඒ ඇති. අපි දන්නේ නැහැ මොන තරම් දුරට පරීක්ෂණ පවත්වනවාද කියලා. අපරාධ අංශයට භාර දීලා තියෙනවා. මගේ කාලේ නම් ඒ අය හොඳට වැඩ කරපු පොලිස් නිලධාරීන් ඕකේ ඉන්නේ. ඒ ආකාරයටම හොදින් වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
No comments: