රාජපක්ෂ පවුලටම ජනපති අපේක්ෂකත්වය සින්න වෙලා - වෙල්ගම
පසුගියදා ඉන්දීය මාධ්‍ය අමතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයකින් කියැවුණ පරිදි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලටම පමණක් සීමාකිරීම නුසුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණ
රාජපක්ෂ මහතා පාලන බලයේ සිටින කාලයේදී පවුලේ සාමාජිකයන්ට තැන ලබාදෙමින් ඔවුන් ඉහළින්ම ඔසවා තැබීම හේතුවෙන් බොහෝ ඇමතිවරුන් ඒ කාලයේ අමනාපව සිටි බවත් ඒ නිසාම ඇතැමුන් විරුද්ධව රහසේ වැඩ කළ බවත් සිරිසේන වැනි පක්ෂය හැරයන අය බිහිවන තරමට එය ප්රබලවූ බවත් පෙන්වා දෙන වෙල්ගම මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකත්වය එම පවුලටම ලබාදීම පක්ෂයක ප්රජාතන්ත්රවාදය නැති කිරීමක් බවද පවසයි.
No comments: