මීලග ජනාධිපතිවරණයෙන් මහ මැතිවරණයෙන් පොහොට්ටු ජය ස්ථිරයි.. ජාත්‍යන්තර සමීක්‍ෂණ වාර්තාවක් කියයි..

2020 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගන්නේ යයි ජාත්‍යන්තර ආයතනයක් විසින් කරන ලද සමීක්‍ෂණයකින් හෙලි කර ඇත.

‘The Economist Intelligence Unit’ නම් ආයතනය විසින් නිකුත් කර ඇති එම වාර්තාව අනුව ඒ මීලගට පැවැත්වෙන මහ මැතිවරණයෙන්ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉහල ජයක් වාර්තා කරනු ඇති බව දැක්වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන බලය වේගයෙන් අඩු වී ගොස් ඇති නමුත් ඔහුද මීලග ජනාධිපතිවරණයට තරග කරනු ඇති බවද සදහන්ය.

මේ වන විට ජනතාව දැඩි ආණ්ඩු විරෝදී ආකල්පයක සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනප්‍රියත්වය ඉහල ගොස් ඇති බවත් වාර්තාවේ පෙන්වා දෙයි. එජාපයට හා ශ‍්‍රීලනිපයට නැවතත් ජනතා විශ්වාසය දිනා ගැනීම අපහසු වනු ඇති බවත් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

No comments:

Powered by Blogger.