"ත්‍රස්තවාදය පැවතිච්ච කාලයට වඩා දැන් රටේ ලොකු ව්‍යාකූලත්වයක් තියෙනවා" - පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි

ස්තවාදය පැවතිච්ච කාලයට වඩා ලොකු ව්‍යාකූලත්වයක් රටේ තියෙන බව පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා ඊයේ පස්වරුවේ මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ අනු නායක නියංගොඩ විජිතසිරි හිමි බැහැ දැකිය.

පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි මෙසේ පැවසීය.

“ඒක තමයි ඒක පැහැදිලියි. දැන් රටේ ජිවත් වීම පිළිබඳ ව්‍යාකුලතාවයක් තියෙනවා. ත්‍රස්තවාදය පැවතිච්ච කාලයට වඩා ලොකු ව්‍යාකූලත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක තමයි භයානකත්වය.”

එහිදී මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා මෙසේ අදහස් දැක්විය.

“රටේ ආරක්ෂාව දැන් හරිම පුදුම තත්ත්වයක්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඝාතන කුමන්ත්‍රණයක් වෙනවා. ඉතින් මේවා ඔක්කොම වෙන්නේ ඒ චෝදනා එල්ල වෙලා තියෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට. ඒ කියන්නේ ත්‍රස්තවාදය පිළිබඳ තොරතුරු සොයා ගැනීමේ කාර්යභාරය පැවරිලා තියෙන ඒකකයේ ප්‍රධානියාට. ඉතින් ඒක ඉතාම බරපතල තත්ත්වයක් නායක ස්වාමීන්වහන්ස, මේ සියල්ලක්ම අපි දකින හැටියට ත්‍රස්තවාදය මර්දනය කිරීමට ස්ථාපිත කරන ලද ආයතන ත්‍රිවිධ හමුදාවන්ට හා බුද්ධි අංශයේ නිලධාරීන්ට යොදා ගැනීම ස්වාමීන්වහන්ස. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට.”

No comments:

Powered by Blogger.