"අර්ජුන රණතුංග තමයි මේ ණය කෙරෙව්වේ" - දයාසිරි අර්ජුන යළිත් පැටලෙයි

අර්ජුන රණතුංග අමාත්‍යවරයා තමන්ට සහ තිලංග සුමතිපාල මහතාට චෝදනා එල්ල කරන්නේ පෞද්ගලික වෛරයක් පදනම් කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පසුගියදා අර්ජුන රණතුංග අමාත්‍යවරයා එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඊයේ (26) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

1998 - 2000 ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ධම්මික රණතුංග බවත් එවකට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස සිටියේ අර්ජුන රණතුංග මහතා බවත් විධායක කමිටු සභිකවරයෙක් ලෙස නිශාන්ත රණතුංග යන අය තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වය යටතේ කටයුතු කළ බව ඒ මහතා පෙන්වා දෙයි.

පසුව කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් ධම්මික රණතුංග මහතා විධායක නිලධාරී ධුරයෙන් ඉවත් කළ පසු අර්ජුන රණතුංග මහතා තිලංග සුමතිපාල මහතා සමඟ විරසක වූ බව වැඩිදුරටත් පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"1998 2002 පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා කවුද?  ධම්මික රණතුංග. ඊළඟට ශ්‍රී ලංකා නායකයකයා එතකොට අර්ජුන රණතුංග. විධායක සභික නිශාන්ත රණතුංග. මේ කට්ටිය ඔක්කොම කට්ටිය තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වය යටතේ වැඩ කරපු කට්ටිය මේ. ප්‍රධාන විධායක නිලධාරි විදියට ධම්මික මහත්තයා එයාගේ අයියාව පත් කරලා තිබුණා. රූපවාහිනී විකාශනය අයිතිය පිළිබඳ කොන්ත්‍රාත්තුවක් තිබුණා. ඒ කොන්ත්‍රාත්තුව ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටු වලට නොකියා ගිහිල්ලා මේගොල්ලෝ එක්ක සාකච්ජා කළා.  ඒ අනුව තීරණයක් ගත්තා  ධම්මික රණතුංග මහත්තයව අයින් කරන්න ඕනේ. එදා ඉඳන් තමයි දිවට දිව ගාගෙන හිටපු තිලංග සුමතිපාල මහත්තයයි අර්ජුන රණතුංග මහත්තයි තරහා වෙන්නේ.  අර්ජුන රණතුංග මහත්තයාගේ කම්පැණියක් තිබුණා brokering company එකක් insurance. මේ brokering company එක තමයි අර්ජුන රණතුංග මහත්තයා කැප්ටන් ඉන්නකොට මුලු කණ්ඩායමෙන්ම රක්ෂණය භාරව කටයුතු කළේ. ඒක සදාචාරාත්මකද? සාදාචාරාත්මක නැද්ද? ක්‍රිකට් පාලක මණ්ඩලය මම එනකොට බිලියන පහක් ණයයි. මේ අර්ජුන රණතුංග තමයි මේ ණය කෙරෙව්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න. මේ වෛරය මම දන්නේ නැහැ කවදා ඉවර වෙයිද කියලා.”


 

No comments:

Powered by Blogger.