අගමැති යළි පටලවා ගනී! කලාකරුවෙකුට යැවූ උපන්දින සුබපැතුමේ වරදක්

අගමැති යළි පටලවා ගනී! කලාකරුවෙකුට යැවූ උපන්දින සුබපැතුමේ වරදක්

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් යැවූ උපන් දින සුබ පැතුම් පණිවිඩයක යළිත් වැරදීමක් සිදුව තිබේ.

ඒ ප්‍රවීණ කලාකරුවෙකු වන හර්ෂ බුලත්සිංහල මහතාගේ උපන් දිනයට සුබ පැතීමට යැවූ ලිපියේ ඔහුගේ නම “හර්ෂණ බුලත්සිංහල“ ලෙස වැරදියට සඳහන් කර තිබේ.

2018.09.01 දින අගමැතිවරයාගේ අත්සනින් යුතුව එම ලිපිය නිකුත් කර තිබිණි.

එම ලිපිය ලැබීමෙන් පසු හර්ෂ බුලත්සිංහල මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් තබා තිබිණි.
“ හිතවත් අග්‍රාමාත්‍ය තුමනි, උපන්දින සුභපැතුමට බොහෝම ස්තුතියි.. නමුත් මම හර්ෂණ බුලත්සිංහල නොවෙමි. මම "හර්ෂ බුලත්සිංහල" වෙමි..“

මීට පෙරද වසර එක හමාරකට පමණ පෙර මියගිය සුනිල් විමලවීර මහතා වෙනුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් උපන් දින සුබ පැතුමක් යවා තිබිණි.

No comments:

Powered by Blogger.