"ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන වහාම හොයන්න - ඒක පක්ෂ දෙකේ සමගියට බාධාවක්" - විජිත් විජයමුණි
ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන වහාම සෙවිය යුතු බවත් එය පක්ෂ දෙකේ සමගියට බාධාවක් බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
ඒ ඊයේ පැවති උත්සවයක් අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ සැලැස්මක්, මම දකින දේ නම් එතුමාගේ ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ කියලා මං විශ්වාස කරනවා. ඒ ආරක්ෂක වැඩපිළිවෙළ ආරක්ෂක කරන අයට දොස් කියනවා නෙවෙයි විශ්වාසය තබන්නට අමාරුයි. ලොකු ආරක්ෂාවක් අවශ්‍යයයි රටේ ජනාධිපති.මම පාර්ලිමේන්තුවෙත් කියලා තියෙනවා එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මැතිතුමාට අත්වුණු ඛේදවාචකයට ඔබතුමා ගොදුරු වෙන්න පුළුවන් කියලා. මොකද එතුමා බොහොම සරල, චාම් මනුස්සයෙක්. එතුමා ඒ නිසා ආරක්ෂාව ගැන විශ්වාස කරන්නේ නැහැ. ඒක වැරදියි. ඒක හරියට ආරක්ෂා විධි විධාන යොදා ගන්න ඕනේ. ඒ කියවෙන නිලධාරීන් පිළිබඳ අවශ්‍ය කටයුතු දැනට ම ඉටු කරලා ඇති කියලා පොලිස්පතිතුමා මං විශ්වාස කරනවා. එහෙම නැත්තං මේක වෙන වෙනස්කම් කිරීමට රටට අවශ්‍යයි. ඒ තනතුර පිළිබඳ වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක විය යුතුයි කියලා මම තරයේම විශ්වාස කරනවාවා. මොකද මේ පක්ෂ දෙකේ සමගියටත් මේක බාධාවක්. ආණ්ඩුවටත් මේක බාධාවක්. ජනතාවට ලොකු අපරාදයක් විනාශයක් මේ වගේ සරල චාම් මිනිහෙක් මේ සරල නායකයා රැක ගැනීම අපේ වගකීමක් කියන එක මතක් කරනවා."
No comments: