"මීළග ප්‍රධාන අමාත්‍යධුරය සදහා ඉදිරිපත් වී ජයග්‍රගණය කරන්න සම්බන්ධන්ගේ සහය මට" - විග්නේශ්වරන්

උතුරු පළාත් සභාවේ මීළග ප්‍රධාන අමාත්‍යධුරය සදහා ඉදිරිපත් වීමටත් ඉන් ජයග්‍රගණය කිරීමටත්  දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා තමන්ට නිරන්තරයෙන් සහය ලබා දෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන මහතා පවසයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යාපනයේදී  මේ බව ප්‍රකාශ කළේ දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් විසින් ඔහුගෙන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තව දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් හා ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා සමග මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම කරුණු සාකච්ඡා කෙරෙන බවයි.

තමන් උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී ජනතාව තමන් පිළිබදව විශාල  විශ්වාසයක් හා ප්‍රතිරූපයක් ගොඩ නංවාගෙන ඇති බව කී ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධන් මන්ත්‍රීවරයා තමන් ගැන විශ්වාසය තබා ඇත්තේද  උතුරේ ජනතාවගේ මතය හා විශ්වාසය නිසා යැයිද කියා සිටියේය.

එක් එක් අය එක් එක් අවස්ථාවලදී මී ළග  ප්‍රධාන අමාත්‍යධූරයට  තමන් වෙණුවට වෙනත් අයෙකු පත් කරණ බව කියා සිටියත් ඒ ප්‍රකාශන දෙමළ ජාතික සන්ධානයේ පොදු මතය හෝ ස්ථිර තීරණය නොවන වගද විග්නේස්වරන් මහතා මෙහිදී කියා සිටියේය.

උතුරේ  දෙමළ ජනතාව පමණක් නොව ඉන්දියාවේ සිටින දෙමළ නායකයින් හා දෙමළ ජනතාව තාම්න් පිළිබදව දැඩි විස්වසයක් තබා ඇති බව පවසන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ තත්ත්වය මත සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ දකුණු අත බවට පත්වන්නේ තමන් බවද මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)

No comments:

Powered by Blogger.