නාමල්ට පොලිස් ආරක්ෂාව
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ.
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් ඔහු විසින් පසුගියදා සිදුකළ අනාවරණයක් සම්බන්ධයෙන් ඊයේ (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් කුමාර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
පැය 10කට අධික කාලයක් අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති අතර නාමල් කුමාර මහතාගේ ජංගම දුරකථනය ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
තමා සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්ෂණ කටයුතු පිළිබද සෑහීමකට පත්වන බවද නාමල් කුමාර මහතා සදහන් කළේය.
No comments: