මැතිව්ස් නායකකමින් ඉවත් වෙයි - ක්‍රිකට් ආයතනයට ලිපියක්

මැතිව්ස් නායකකමින් ඉවත් වෙයි - ක්‍රිකට් ආයතනයට ලිපියක්

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන පරිදි ඇන්ජලෝ මැතිව්ස් එක්දින සහ 20යි 20 සංචිත වලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ශාරීරික යෝග්‍යතාව සලකා මේ තීරණය ගත් බව වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුත් මැතිව්ස් මේ වන විට තම ශාරීරික යෝග්‍යතාවය ඔප්පු කර පෙන්වීම සඳහා ක්‍රිකට් බලධාරීන්ගෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇති බවද සඳහන්.

බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වී තරගාවලියෙන් ඉවත් වූ නිසා ඇන්ජෙලෝ මැතිව්ස්ට කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන ලෙස දන්වා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් නව එක්දින නායකයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තේරීම් කමිටුව තීරණය කරන ලදි.

මේ සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක්ද යොමු කර තිබේ.

“මා එක වරම පුදුම වුනා, මට වහාම දැනුණේ ආසියානු කුසලානයේ දී බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජයන්ට මා බිල්ලක් කර මගේ මත වරද පටවා ඇති බවයි, මම වරද හා බැනුම් භාර ගැනීමට කැමතියි නමුත් සම්පූර්ණ වරදම මා මත පැටවීම නිසා මට හැඟෙනවා මාව පාවා දී ඇති බවක්, සියලු තීරණ ගත්තේ තේරීම් කමිටුව හා ප්‍රධාන පුහුණුකරුවාගේ සම්පූර්ණ අනුදැනුම හා සහයෝගය මත. නායකයා මත වරද පැටවීම මම අනුමත කරන්නේ නැති වුනත් තේරීම් කමිටුවේ හා ප්‍රධාන පුහුණුකරුගේ ඉල්ලීම මත මම වහාම නායකත්වයෙන් ඉවත් වනවා” යැයි මැතිව්ස් ඔහුගේ ලිපියේ සඳහන් කර තිබුණි.

“පුහුණුකරු හා තේරීම් කමිටුව මම එක්දින හා විස්සයි විස්ස ආකෘති සඳහා සුදුසු නැහැයි කියා සිතනවා නම් මම එම ආකෘතිවලින් විශ්‍රාම ගැනීමට සූදානම්, කණ්ඩායමට බරක් වෙන්න මම කැමති නැහැ.” මැතිව්ස් මෙසේද අදහස් දක්වා ඇත.

No comments:

Powered by Blogger.