පාර්ලිමේන්තුවට පත්වූ නවකයෝ 07කට ඇමැතිධූර

පාර්ලිමේන්තුවට පත්වූ නවකයෝ 07කට ඇමැතිධූර

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මඟුල් මඩුවේදී අද (12) පෙරවරුවේ සිදුවිය.

අද දිනයේ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ අතර දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අතරට නවක මන්ත්‍රීවරු 7 දෙනෙකු ඇතුළත් වේ.

ජනාධිපති නීතිඥ අලි සබ්රි, ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, මහාචාර්ය චන්න ජයසුමන, ශෂින්ද්‍ර රාජපක්ෂ සහ ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් එම පිරිසට අයත්වේ.

No comments:

Powered by Blogger.