ගාල්ල කොටුවේ පිහිටි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල කඩා වැටෙයි


ගාල්ල කොටුවේ පිහිටි ඉපැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඊයේ රාත්‍රියේ සම්පුර්ණයෙන්ම කඩාවැටී තිබෙනවා.

එය ලන්දේසි පාලන සමයේ ආණ්ඩුකාරවරයාගේ නිල නිවස්නය ලෙස 1744 වසරේ ඉදිකරන ලද්දක් වන අතර, තැපැල් කාර්යාලය ලෙස 1820 වසරේ විවෘත කරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේදියි.

එවකට පෝස්ට් මාස්ටර් ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වන්නේ ගාලු තැපැල් කාර්යාලයයි.

1974 වසරේ එය පුරාවිද්‍යා වැදගත්කමකින් යුත් ස්මාරකයක් ලෙස නම් කෙරුණු අතර, පසුව 1988 වසරේ ගාලු කොටු පවුර ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු පසු එහි කොටසක් බවට පත් වුණා.

2018 වසරේදීද මෙම ගෙඩනැගිල්ලේ කොටසක් ත්‍රී රෝදරථයක් ගැටීම හේතුවෙන් කඩා වැටුණා.

කෙසේ වෙතත් ඊයේ එම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල කඩාවැටීමත් සමඟ එය ඉදිරිපස මාර්ගයද පොලීසිය විසින් වසා දමා තිබෙනවා.

No comments:

Powered by Blogger.