ඔරුවක් පෙරලීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදහන්


කින්නියා, උප්පාරු ප්‍රදේශයේදී ඔරුවක් පෙරලීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදහන්ව තිබෙනවා
මෙම පුද්ගලයින් මහවැලි ගඟ හරහා ඔරුවකින් එගොඩ වීමට උත්සහ කිරීමේදී මෙලෙස ඔරුව පෙරලි ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

සිද්ධිය වන අවස්ථාවේදී ඔරුවේ පුද්ගලයින් පස් දෙනෙකු සිට ඇති අතර ඔවුන් ගෙන් දෙදෙනෙකු ගොඩට පිහිනා දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

අධික වර්ෂාවත් සමග මහවැලි ගඟේ සැඩ පහර ඉතා වේගවත් වී ඇති අතර අතුරුදහන්වූ පුද්ගලයින් දෙදෙනා සොයා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

No comments:

Powered by Blogger.