ඝාතනයවූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදනාගේ ජංගම දුරකථන කලපුවකින් සොයා ගැනේ
ඝාතනය කරන ලද රත්ගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදනාගේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙක දික්වැල්ල නගරාසන්න නව බෙලිඅත්ත මාර්ගයේ සපත්තු පාලම අසළ කලපුවට දමා තිබියදි ගාල්ල
නාවික කඳවුරේ කිමිදුම්කරුවන් මගින් අද (03 ) දහවල් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය පවසයි.
මෙම දුරකථන එම ව්‍යාපාරිකයින්
දෙදදෙනාගේම බවට ඉමි අංක සැසදීමෙන් තහවුරු වූ බව එහි සිටි නිලධාරියකු පැවසීය.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් හා කරන ලද විමර්ශන ඔස්සේ ව්‍යාපාරිකයින්ගේ සිරුරු වලස්මුල්ල ප‍්‍රදේශයේදි පිළිස්සිමෙන් පසු මාතර දෙසට යන අතරතුර එම දුරකථන මෙම කලපුවට දැමූ බවට තොරතුරු ලැබී ඇත.
මෙම සිදුවීම දැක බලා ගැනීමට ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් එක් රොක්වූ අතර දික්වැල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ගයන්ත කරවිට මහතා ඇතුළු නිලධාරිහු මාර්ගය අවහිර නොවන පරිදි කටයුතු කළහ.
නිමල් ලන්දගේ

No comments: