ජවිපෙ 20 උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වෙනවා -විමල්

මොරටුව නගරයේ පැවති ‘රටට මොකද වෙන්නේ ?’ යන තේමාව යටතේ පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ කියා සිටියේ 20 සංශෝධනය වෙනුවෙන් මහින්ද ජවිපෙ සමග කතාවට ගියොත් තමා ඇතුළු ජානිපෙය මහින්ද කඳවුරෙන් ඉවත්වන බවයි.

 රටක් හදන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂට’ කියලා කවුරු විශ්වාස නොකළත් මේ රටේ ජනතාව විශ්වාස කරනවා. එ් විශ්වාසයට පිටින් යන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි. ඒ විශ්වාසයට පිටින් යන්න කවුරුන් හෝ  උත්සාහ ගන්නවා නම් ඔහු කරන්නේ මේ කඳවුර නැවත
වතාවක් පරාජය කිරීමට අවශ්‍ය පාවා දීමක්.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සලකුණ සහිත මේ දේශපාලන කඳවුර අද මේ රටේ දැවැන්තම දේශපාලන කඳවුරයි. එය කඩාබිඳ දැමීමට සතුරන් උත්සාහ කරනවා. පිටතින් වගේම ඇතුළතින් ද කඳවුර දුර්වල කිරීමට කටයුතු කරනවා. අපට අද ‘තනියම ජන්දය ඉල්ලා පෙන්වන්න’ කියන අය කඳවුරේ ඇතුළේ සිටිනවා.

අද තියෙන්නේ තනියම ඉල්ලා දිනන සටනක් නොවෙයි. රට යළි නිවැරදි මාවතට ගැනීමේ සටනක්. එ් දැවැන්ත සටනින් පස්සේ අපි අපට අවශ්‍ය මොහොතේ ‘තනියම ඉල්ලා’ පෙන්නන්නම්.
නමුත් අපි හැමදාම රට වෙනුවෙන්,

කිසිවක් අපේක්ෂා නොකර එ් දුෂ්කර අවස්ථාවන්වලට කර ගැහුවා. පෞද්ගලිකව කිසිවක් නොලැබුණත් අපි කර ගහපු සටන අතරමග දාලා යන්නේ නැහැ. ඉතිහාසය පුරා දාලා ගිහිල්ලත් නැහැ. එළියෙන් ගැහුවත් - ඇතුළෙන් ගැහුවත් - මාධ්‍යයෙන් ගැහුවත් ඒ ගහන  ඕන ගැහිල්ලකට මුහුණ දෙන්න බැරිනම් අපි මේ දේශපාලනය කරන්නේ නැහැ. මේ රට යළි හරි මගට ගන්න සටන, මේ පාලනය අවසන් කර ජනතා අභිලාෂයන් ජයග‍්‍රහණය කරන සටන අපි කිසි ලෙසකින්වත් අතහරින්නෙ නැහැ. එ් නිසා ‘සියලූ බොරු වළවල් මගහරිමින් ජයග‍්‍රහණය තෙක් පෙරට යමු’ කියා, රටට ආදරය කරන සියලූ ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.’’


No comments:

Powered by Blogger.