ශ්‍රීපාද වන්දනාවේ යන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රීපාද වන්දනාවේ යන අයට විශේෂ දැනුම්දීමක්

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අනාරක්ෂිත ස්ථානවලින් දිය නෑම සිදු නොකරන ලෙසට නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියි.

මධ්‍යම කදුකරයේ මේ දිවන පවතින දැඩි වියළි කාලගුණයත් සමග මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින අතර, ඇතැම් වන්දනාකරුවන් එම ජලාශයේද දිය නෑම සිදු කරන නිසා මෙම ඉල්ලිම සිදු කරන බව ලක්සිරි ප්‍රනාන්දු මහතා කියා සිටින්නේය.

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සිත ගගුලේ දිය නෑම සදහා ස්ථාන කිහිපයත් වෙන් කර ඇති අතර එම ස්ථාන වල පමණක් දිය නෑම සිදු කරන ලෙසටත් එම ස්ථානවල පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින්ද රාජකාරියේ යොදවා ඇති බවත පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

තවද ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන ඇතැම් වන්දනා නඩ වල පිරිස් විසින් මන්ද මානසික රෝගින්ව ශ්‍රි පාද වන්දනාවේ රැගෙන එන බවත්, නල්ලත්න්නියේ සිට ශ්‍රි පාද අඩු මළුව දක්වා ගමන් කිරිමේදි ඇතැම් අවස්තාවල පවතින තද බදය නිසාත්, ගමනේ පවතින විඩාවත්, සමග තම නඩය සමග පැමිණි මන්ද මානසික රෝගියා අතරමං වි යන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටින්නේය.

එවැනි රෝගින් අතරමං වු විට එම රෝගියට ඔහු පැමිණි නඩය සොයා දිමේදි ගැටළු රැසක් පොලිසියට මතු වන බවත් එම රෝගියාට ඔහු පැමිණි නඩය පිලිබදව හෝ ඔහු පැමිණි ගම් පලාත පිලිබදව තොරතුරු පවා අනාවරණය කිරිමට නොහැකි වන අවස්තාද මතු වන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

නල්ලතන්නිය පොලිසිය මගින් දිවා රාත්‍රි දෙකේ පවත්වාගෙන යන සමනලගිරි සේවය මගින් අතරමං වුවන් සොයා දිමට වැඩසටහනක් දියත් කර ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියහ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

No comments:

Powered by Blogger.