පන්සීයක් අතට දුන් කපිතාන් පාසල් සිසුවියගේ මූණ ඉබලා

පාසල නිම වී මගී බස් රථයකින් නිවෙසට යමින් සිටි දාහතර හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර සිප වැලඳ ගැනීමේ චෝදනාවට සැකපිට යුද හමුදා
මූලස්ථානයේ සේවයේ නියුතු කපිතාන්වරයකු හොරොව්පොතාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු හොරොව්පොතාන රාජ්‍ය බැංකුව ආසන්නයේ නවතා තිබූ වෑන් රථයකට මුවා වී පාසල් සිසුවියගේ මුහුණ සිපගනු දුටු පුද්ගලයකු පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව සැකකාර කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිසුවියට ඔහු විසින් ලබාදුන් බව කියන රුපියල් පන්සියයක මුදල් නෝට්ටුවක් පොලිසිය නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.


සැකකරු කහටගස්දිගිලිය දෙස සිට හෙරොව්පොතාන නගරයට පෞද්ගලික මගී බස් රථයකින් ගමන් කරද්දී බාලවයස්කාර දැරිය ඔහු ගමන් කළ බස් රථයේ ඔහුට යාබද අසුනේ ගමන් කර තිබෙන බවත් සිසුවිය සමඟ හිතවත් කමක් ඇති කර ගැනීම සඳහා ඇයට බස් ප්‍රවේශ පත්‍රය මිලදී ගෙන තිබෙන බවත් පොලිසිය කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. සිසුවිය කපිතාන්වරයා සමඟ හිතවත් වී රුපියල් පන්සියයක මුදලක් ඉල්ලා තිබෙන බවත් ඔහු ගමනාන්තයෙන් පසුව සිසුවිය සමඟ හොරොව්පොතාන නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රිය මුදල් යන්ත්‍රය ආසන්නයට ගොස් රුපියල් පන්සියයක මුදලක් ඇයට ලබා දී පසුව ඒ ආසන්නයේ නවතා තිබූ වෑන් රථයකට මුවා වී බාලවයස්කාරියව අවස්ථා කිහිපයකදීම සිප වැලඳගෙන තිබෙන බව පොලිසිය කළ පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන තිබිණි.

සැකකරු විසින් බාලවයස්කාර පාසල් සිසුවියක් සිප වැලඳ ගන්නා බවට ලැබුණු තොරතුරකට අනුව හෙරොව්පොතාන නගරයට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණු අතර වින්දිත දැරිය සන්තකයේ තිබී රුපියල් පන්සියයක මුදල් නෝට්ටුවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් 37 හැවිරිදි කොළඹ තුන ලිපිනයේ පිහිටි යුද හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා කපිතාන්වරයා ඊයේ (10දා) කැබිතිගොල්ලෑව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී.එස්.ආර්. සංජීව මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

-අනුරාධපුර  මහේෂ් විජේසූරිය-

No comments:

Powered by Blogger.