යුක්තියේ හඬ උණුසුම් වෙයි

යුක්තියේ හඬ උණුසුම් වෙයි

විහාර මහා දේවී එලිමහන් රංග පීඨයේ ඊයේ පැවති යුක්තියේ හඬ ප්‍රසංගය අතරතුර දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් විසින් සංවිධාන කර තිබූ මෙම ප්‍රසංගය සඳහා එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.

කෙසේ වෙතත්, ප්‍රසංගයට පැමිණි එක් පාර්ශවයක් උද්‍යානය තුළ පන්දම් රැගෙන මැතිවරණයක් අවශ්‍ය බව කියමින් විරෝධතාවක නිරත වූ අතර, තවත් පිරිසක් මැතිවරණයක් අවශ්‍ය නොවන බව පවසමින් එම ස්ථානයේම විරෝධය දැක්වූ බව වාර්තා වේ.

පසුව දෙපිරිස අතර බහින්බස්වීමක් සිදු වූ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති අතර පසුව පොලිසිය මැදිහත් වී දෙපිරිස පාලනය කර එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

No comments:

Powered by Blogger.