අවුරුදු 15 වේ කට්ටාඩියා සමග නිධන් හෑරු 4 දෙනෙක්‌ අත්අඩංගුවට




අවුරුදු 15 ක සිසුවකු කට්‌ටඬියකු ලෙස හවුල් වී නාවලපිටිය තිස්‌පනේ කන්ද කැලෑ බද ඉඩමක නිධන් හාරමින් සිටියදී ගම්පොළ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් එහි සිටි සිවුදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

 පරම්පරා ඉඩමක පැරණි නිවසක්‌ අසල සති දෙකක්‌ පුරා දෝනා 2 ක්‌ මාර්ගයෙන් නිධන් සොයමින් සිටි මෙම පිරිස පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට තිබිණි.

 කොත්මලේ ජලාශයට ඉහළින් පිහිටි මෙම ඉඩමේ දේවාලයක්‌ සාදන මුවාවෙන් මෙම කාර්ය සිදු කිරීමට මුල්වී ඇත්තේ එකම පවුලේ පිරිසකි.

 ඔවුන්ගේ පවුලේ 10 ශ්‍රෝණිය දක්‌වා ඉගෙනුම ලබා තිබූ 15 හැවිරිදි මෙම සිසුවාට දේව වරමක ලැබී ඇති බවත් එම නිසා ඔහුට මෙසේ දේවාලය ඉදිකිරීමට සූදානම් වන මුවාවෙන් මෙම කාර්යය සිදු කර තිබෙන බවත් හෙළිවී ඇත.

 මෙම සිසුවා මෙම කාර්යයේ නිරතව සිට ඇති අතර ඔහු සතුව තිබී දේව ආයුධ ඇතුළු පූජා භාණ්‌ඩ රැසක්‌ද මෙම පුද්ගලයන් සමග අත්අඩංගුවට ගෙන ඇත.

 සැකකරුවන් නාවලපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 ගම්පොල කොට්‌ඨාසභාර පොලිස්‌ අධිකාරි විකුම් ගිනිගේ සහකාර පොලිස්‌ අධිකාරි යූ.බී. පලිහවඩන යන නිලධාරීන් ගේ උපදෙස්‌ මත කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ පො.ප. සුනෙත් පාලමකුමාර, පො.සැ. (2340) මේගසූරිය, පො. කොස්‌තාපල් වරුන් වන (1861) ගුණසිංහ, (65886) මිස්‌කින්, (71161) තිරානගම, (91999) බණ්‌ඩාර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

No comments:

Powered by Blogger.