රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපතිට පිළිගන්වයි

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපතිට පිළිගන්වයි

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ කොමිසමේ වාර්තාව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විණි.

කොමිසමේ සභාපති එස්. රනුක්ගේ මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර එහි සෙසු සාමාජිකයෝ ද ඊට එක්ව සිටියහ.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශ‍්‍රිත ගැටලු හෝ විෂමතා ඇත්නම් ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරන ලදී.

ඒ 2018-08-14 වන දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹී තීරණයකට අනුව ය.

එස්. රනුක්ගේ මහතා සභාපතිවරයා වශයෙන් ද, එච්.ජී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් ද පත් කොට ඇති මෙකී කොමිසමට සාමාජිකයන් 15 දෙනෙක් ඇතුළත් වෙති.

No comments:

Powered by Blogger.