එජනිස කණ්ඩායම අදත් පාර්ලිමේන්තු වර්ජනයක

එජනිස කණ්ඩායම අදත් පාර්ලිමේන්තු වර්ජනයක

එජනිස පාර්ලිමේන්තු රැස්වීම සඳහා අද (29) දිනයේදීත් සහභාගී නොවන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය වෙත අදහස් දක්විමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව අද (29) දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇති බවත් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය අනුව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අද දින උසාවියේ දීත් මේ පිළිබඳ සාකච්ඡා කරන බවත්, එනිසා එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව තුළ  මේ පිළිබඳ විවාදයට ගැනීම තුළින් උසාවිය අභියෝගයට ලක් කිරීමක් සිදු වන බවද එස්.බී.දිසානායක මහතා පැවසීය.

එමෙන්ම මෙවැනි යෝජනාවක් ගෙන ආ හැක්කේ අමාත්‍යවරයෙකුට පමණක් බවත්, එය කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිතව සිදු විය යුතු බව ද ඔහු සඳහන් කළේය.

එනිසා මෙම ක්‍රියාවලියට කිසිසේත් සහයෝගය දැක්විය නොහැකි බවත්, මෙය කථානායකවරයාගේ අත්තනෝමතික තීරණයක් බවත් ඔහු සඳහන් කළේය.

No comments:

Powered by Blogger.