ජයසුරිය ඇකඩමි සම්මාන උළෙලේදී දිලුනු පුංචි ක්‍රිකට් තරු (ඡායා)

සනත් ජයසුරිය ක්‍රිකට් ඇකඩමියේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටල් සංකීර්ණයේදී පැවැත්විණි.

2017 -18 තරගවාරයේදී දස්කම් දැක්වූ ජයසුරිය ඇකඩමියේ ක්‍රීඩකයන් රැසක් වයස් කාණ්ඩ හතරක් යටතේ මෙහිදී සම්මාන වලින් පිදුම් ලැබීය.
මේ සම්මාන උළෙලේ සුවිශේෂී සිදුවීමක් වුයේ කොලඹ නාලන්දා විදුහලේ ශිෂ්‍යයින් වන සන්තුල් හා සනිතු විජයරත්න දෙසොහොයුරන් මෙහිදී සම්මාන පහක් දිනා ගැනීමය.
තවමත් 9 හැවිරිදි වියේ පසුවන සන්තුල් විජයරත්න වයස 11න් පහල වයස් කාණ්ඩයේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අනුශුරතාව, වසරේ දක්ෂතම පිතිකරු සම්මානය, වසරේ හොදම පන්දුයවන්නා සදහා අනුශුරතාවය සහ මේ වසරේදී සුවිශේෂී දක්ෂතා රැසක් පෙන්වීම වෙනුවෙන් ලැබූ විශේෂ සම්මනයක්ද දිනාගත්තේය.
සනත් ජයසුරිය ඇකඩමිය වෙනුවෙන් ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීම හා සංචාරක කටාර් කණ්ඩායමට එරෙහිව පෙන්වූ සුවිශේෂී දස්කම් ඒ විශේෂ සම්මානය ලබාදීමට ඉවහල්වී ඇතැයි පැවසේ.
සන්තුල්ගේ සොහොයුරු සනිතු විජයරත්න ඇකඩමියේ වර්ණ දිනාගත් අතර KYCA සංවිධානය කල අන්තර් ඇකඩමි තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට සනත් ජයසුරිය ඇකඩමිය වෙනුවෙන් දැක්වූ දක්ෂතා සදහා විශේෂ සම්මනයක්ද දිනාගත්තේය.
සනත් ජයසුරිය පුත් රනුක් ජයසුරිය වයස 13න් පහල වසරේ නැගීඑන ක්‍රීඩකයාගේ සම්මානයද, වසරේ නැගීඑන ක්‍රීඩකයන් ලෙස අනෙක් වයස් කාණ්ඩයන්හී සම්මාන හිමිකරගත්තේ හේලික ප්‍රනාන්දු, රාහුල් හෙට්ටිආරච්චි හා තරීන් වීරසිංහය.
මිට අමතරව දීමත් ගේල් වයස 11න පහල කාණ්ඩය වෙනුවෙන් සම්මාන 3ක් දිනාගත් අතැ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන වයස 9ල11ල13 හා 15 කාණ්ඩ සදහා පිලිවෙලින් දිනාගත්තේ සන්දුල් අභයවර්ධනල රචින්ත ද සිල්වාල දිලන දම්සර හා දුවිඳු සිල්වායි යන ක‍්‍රීඩකයින්ය.
සනත් ජයසුරිය ක්‍රිකට් ඇකඩමියේ ක්‍රීඩකයින්ල දෙමාපියන්ල පුහුණුකරුවන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිතයා වුයේ 1996 වසරේ ලෝක කුසලානය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතාය.






www.reporter.lk

No comments:

Powered by Blogger.