ව්‍යවස්ථා විරෝධීව වැඩ කරන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන මහින්දගේ ආණ්ඩුවට ජාත්‍යන්තරය හොඳ පාඩමක් උගන්වයි



ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරමින් පාර්ලිමේන්තුවේ තීරණයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරමින් සිටින මෛත්‍රි - මහින්ද ආණ්ඩුවට ජාත්‍යන්තරය විසින් හොඳ පාඩමක් උගන්වනු ඇති බව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් පවසයි.
වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. වැඩිදුරටත් ඔහු මෙසේද කීය.
දූෂණය වංචාව හා ඒකාධිකාරි බලය විසින් රටක ආණ්ඩුවක් තීරණය කළ නොහැකියි. මෙම සාධක ත්‍රිත්වයටම ප්‍රසිද්ධියක් උසුලන මහින්ද රාජක්ෂ මහතා සමඟ මෛත්‍රිපාල සිරිසේන මහතා අත්වැල් බැඳන් සිටිනවා. තනතුරුවලට තිබෙන ආශාව හේතුවෙන් මොවුන් අද රටම විනාශයට පත් කරමින් සිටිනවා. රටේ ආර්ථිකය අද ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයෙනුත් මහ මැතිවරණයෙනුත් පරාජයට පත් මහින්ද රාජපක්ෂ මහතාට කුමන පදනමක් යටතේ අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබුවේ දැයි අපට තවම තේරෙන්නේ නැහැ. විධායක ජනාධිපති ධුරයට තිත තබන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන මහතා අද ජනතාවට විශාල ද්‍රෝහිකමක් කරමින් සිටිනවා. පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා සිට මේ මොහොත දක්වාම ජනාධිපතිවරයා තමන් විසින් සිදු කරනු ලබන කටයුතු සියල්ලම සාධාරණීයකරණය කරමින් සිටිනවා. මෙම ගැටලුවට නියත වශයෙන්ම කාලය විසින් පිළිතුරු සපයනු ඇති. එමෙන්ම වර්තමාන අශිෂ්ට පාලනය සම්බන්ධයෙන් අධිකරණයෙන්ද නිවැරැදි තීරණයක් ලැබෙනු ඇති.
ලක්ෂ්මී ජයකොඩි
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

www.reporter.lk

No comments:

Powered by Blogger.