මාස 4ට රටේ වියදම බිලියන 1700



ලබන වසරේ මුල් මාස 4 වෙනුවෙන් රජයේ සමස්ත වියදම වන රුපියල් බිලියන 1,735ක් වෙන්කිරීමට රජය තීරණය කරයි.

එම සමස්ත වියදම වෙනුවෙන් වන අතුරු සම්මත ගිණුම මැතිසබයට ඉදිරිපත් කිරීම සදහා අද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවිය.

මෙම යෝජනාව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

2019 වර්ෂයේ මුල් මාස 04ට අවශ්‍ය වන ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී.

2019 වර්ෂය සඳහා වූ අයවැයක් සකස් කර ඉදිරිපත් කරන තෙක් මෙම අතුරු සම්මත ගිණුම සකස් කර ඇත.

2019 වර්ෂයේ මුල් මාස 04 තුළ රජයේ පොදු සේවාවන් පවත්වා ගෙන යාම සඳහා රුපියල් බිලියන 760ක් ද, වියදම් දැරීම සඳහා දැනටමත් විවිධ නීති මඟින් බලය ලබා දී ඇති වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 970ක් ද, රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා රුපියල් බිලියන 05ක් ද වශයෙන් මෙහිදී වෙන්කෙරේ.

No comments:

Powered by Blogger.