"කොළඹ එන කට්ටිය ආපහු යන්නේ නැත්තම් යවන හැටිත් අපි දන්නවා" - මංගල

වත්මන් ආණ්ඩුව පෙරලා දැමිය හැක්කේ ඡන්ද බලයෙන් පමණක් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (04) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විරෝධතා පැවැත්වීමේ යම් ක්‍රමයක් පවතින බවත් මෙම පිරිස කිසිම ක්‍රමවේදයක් නොමැතිව සිදු කරණ බවත් අමාත්‍යවරයා පැවසීය.

පියාගේ පින්තුරය පෙන්වමින් අහිංසක මිනිසුන්ව අපසුතාවයට පත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

යම් කිසි විටකදි කළහකාරි ලෙස ක්‍රියා කළහොත් එය මර්ධනය කිරිමටද සිදු වන බව මාධ්‍ය වේදියෙකු කළ ප්‍රශ්න කිරිමකදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ පෙළපාලිය තියෙන්නේ අධිකරණයට බලපෑම් කරන්න, තහනම් නියෝග ඉල්ලලා තියෙන්නේ, නමුත් දෙන්න බැරි හේතුවකුත් තියෙනවා. තියෙන්නේ කොහෙද කියලා, යන්නේ කොහෙද කියලා උසාවිය දන්නෙත් නැහැ, පොලීසිය දන්නෙත් නැහැ. මොන නැගිටිමක්ද? කොහෙ නැගිටිමක්ද? තමන්ගේ තාත්තාගේ ප්‍රතිරූපය පාවිච්චි කරලා මේ පුතයි, ඒ පුතාගේ යාලුවෝ ටිකයි තාත්තාගේ පින්තූර පෙන්නගෙන මේ අහිංසක මිනිස්සු ටික කොළඹට එනවා. ඒ අයගේ එකම බලපොරොත්තුව මේ අහිංසක මිනිහෙක්ගෙන් එක්කෙනෙක් හරි අපිට කියලා මරා ගන්න. හැබැයි අපි ඒකට ඉඩ තියන්නේ නැහැ.”

එම වීඩියෝව පහතින්,

No comments:

Powered by Blogger.