"අගමැතිතුමාම පිළිඅරගෙන තියෙනවා එතුමාගේ රජය අසාර්ථකයි කියලා"

වසර 3 හමාරකට පසු හෝ අග්‍රාමාත්‍යවරයා යථාර්ථයට මුහුණ දීමට සූදානම් වීම පිළිබඳව තමන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පරීක්ෂණ ඒකකයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අගමැතිතුමාම පිළිඅරගෙන තියෙනවා එතුමාගේ රජය අසාර්ථකයි කියලා. ආර්ථිකය කඩා බිඳ දාලා තියෙනවා නැවත ආර්ථිකය ගොඩ ගැනීමේ හැකියාවක් තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය කියන කාරණාව. අපි සතුටු වෙනවා එතුමා අවුරුදු තුන හමාරක් ගිහිල්ලා හරි යථාර්ථයට මුහුණ දීමට සූදානම් වීම. ආණ්ඩුවට ඊයේ වෙද්දී ඇස් ඇරිලා තිබ්බා. ආර්ථික විශේෂඥයෙක් වෙච්ච හර්ෂ ද සිල්වා රාජ්‍ය මැතිතුමා ඉල්ලීමක් කරනවා ආනයනය කිරීම සහ තමන්ගේ වියදම් පාලනය කර ගන්න, මංගල සමරවීර ඇමතිතුමාටවත්  රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවබෝධයක් නෑ.”

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි  මහතා මෙසේ අදහස් දැක්විය.

“අපි ගිනිපෙට්ටියේ ඉඳන් මිනී පෙට්ටිය දක්වා ආනයනය කරන රටක්. රබර් පොල් පිටරටින් දැන් ආනයනය කරනවා අපනයනය කරපු අපි.  අගමැතිතුමා අනතුරු දක්වන විදියටම ඉදිරි කාලපරිච්ඡේදය බොහොම භයානකයි.”

No comments:

Powered by Blogger.