පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින්ට වැඩ වරදින ලකුණු

පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින්ට වැඩ වරදින ලකුණු

ඓතිහාසික පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

පිදුරංගල රජමහා විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය ආචාර්ය දානේගම ආනන්ද හිමි විසින් සීගිරිය පොලිස් ස්ථානයට අදාළ පැමිණිල්ල සිදුකර ඇති බව සඳහන්ය.

සීගිරිය ආසන්නයේ පිහිටා ඇති පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින් පිරිසක් එම ඡායාරූප සමාජ ජාල වෙත මුදා හැර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

ඓතිහාසික පූජා භුමියක් ලෙස සැලකෙන පිදුරංගල විහාරස්ථානය මහ රහතුන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් ලෙස සැලකෙයි.

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාර  පර්වතය අපවිත්‍ර කළ අසහනකාරී තරුණයන් කණ්ඩායම වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පිදුරංගල  රජමහා විහාර භාරකාර ආචාර්ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමය එක්ව   පන්සලේ වැව පැවති පිහිනුම් තරගාවලිය සමාරම්භක අනුශාසනාව පවත්වමින් අද (25) දහවල් එසේ ප්‍රකාශ කළහ.

වැඩිදුරටත් ආචාර්ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටියේ මෙම තරුණයන් පිරිස අන්තර්ජාලයට මුදාහැර තිබූ ඡායාරූප වලට විරුද්ධව සහ ඔවුන්ගේ මුහුණු පොත් වලට විරුද්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සීගිරිය පොලිසියට 25 දින පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය.

එම දුරදිග නොබලා   සිදුකළේ විහිළුවට භාජනය කළේ මෙරට උරුමයක් බවත් සංස්කෘතිය බවත් සඳහන් කළ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

" කෙනෙකුගේ ජීවිතයක් සමාජය ඉදිරියේ ලැජ්ජිත  වෙනවට අපි කැමති නෑ .   නමුත් අපගේ භාරකාර යටතේ පවතින පිදුරංගල රජ මහා විහාරස්ථානය පර්වතයේ මුල්කරගෙන මේ රටේ ජීවත්වෙන අසහනකාරී තරුණකම කුමක්දැයි නොහඳුනන   තරුණ දරුවන් පස් හය දෙනෙක් ඔවුන්ගේ විලි බිය නසාගෙන පර්වතය හා ලෝකපුජිත  සීගිරිය පෙනෙන ආකාරයට තමන්ගේ විලි වසාගත් ඇදුම් උනා දමා චායාරුප  අන්තර්ජාලය ඔස්සේ  ලෝකෙට මුදා හරිය. අප  කම්පාවට පත්වුණේ පිදුරංගල පර්වතය සිදුවුනාට නොවෙයි. අපේ  බෞද්ධ සංස්කෘතික උරුමයට  සිදුවූ හානියයි ,ස්ථානය ප්‍රශ්නයක් නෙවෙයි අපේ උරුමය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, මෙවෙනි තරුණ කණ්ඩායම හැකියාවන්ගෙන් යුක්ත ව ලෝකයක සමාජය අන්තර්ජාලය තුල මුහුණුපොත හරහා ඇතැම් කණ්ඩායම් තරුණයන් පොළඹවනවා අභියෝග පිළිබඳව. මේ  අඥාන තරුණ කණ්ඩායම් තමන්ගේ විළි බිය දේවධර්මය කෙලෙස ගන්න මේ ආකාරයට,"

 " මේ පිලිබදව  පොලිසියට  අදාළ රාජකාරි කිරීම සඳහා පැමිණිලි කරලා තිබෙනවා , යුක්තිය ඉටු විය යුතුයි , හේතුව මේ විහිළුවට භාජනය කළේ අපේ උරුමයක්,  මේ ස්ථාන  නිරුවත් කරන සාපරාධී ක්‍රියාවක් එනිසා මම ඉතාමත් කරුණාවෙන් අපි ජීවිත බේරන්න ව්‍යායාමයේ යෙදෙන මේ මොහොතේ සිහිපත් කරනවා රටක  සංස්කෘතික උරුමය වත් සංස්කෘතික දායාදය වත් තමන්ගේ පටු අරමුණින්   තමන්ගේ තරුණ  අසහනය  උගස් කරන්නෙපා. හේතුව මේ අපේ අනාගතය අපෙ  දායාදය අපේ සංස්කෘතිය බටහිර රටවල් අනුකරණය කරන්න අනුගමනය කරන්න ලක්වැසි ඔබට අයිතියක් නැහැ . මේ සංස්කෘතික සෝදා පාළුවට ඉඩ නොදී ඔවුන්ගේ භාරකරුවන්ට වැඩිහිටියත් මේ පිළිබඳව සොයා බැලිය යුතුයි.”යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.