පිදුරංගලදී නිරුවත්වූ කුරුණෑගල කොල්ලන්ගේ ෆේස් බුක් පිටු අතුරුදන් - අගමැති නියමයෙන් පරීක්ෂණ

https://www.gossiplankanews.com/2018/09/pidurangala-fb-pictures-update.html#more

සුගියදා රටේ අවධානය දිනාගනිමින් පිදුරංගල පුදබිමේදී අසභ්‍ය ආකාරයේ ඡායාරූප ලබාගෙන මුහුණු
පොතට එක්කළ තරුණයින් සම්බන්ධයෙන්
විශේෂ පරීක්ෂණයක් කරන්නැයි එම විහාරාධිපති හිමියන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මේ වනවිට අගමැති නියමයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් අරඹා තිබේ.

ඡායාරූප මුලින්ම අන්තර්ජාලයට මුදාහැරියේ කවුද යන්න විදුලි සන්දේශ නියාමන කොමිසමේ පරිගණක පරීක්ෂකවරුන් යොදවා විමසා බලමින් පවතින බව පොලිසිය සඳහන් කර තිබේ.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ වැළැක්වීමේ විධිවිධාන පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව දඩුවම් ලබාදිය හැකි බව පොලිසිය දන්වා ඇත.
කෙසේ වෙතත් මේ වනවිට වාර්තාවන්නේ සිද්ධියට සම්බන්ධ බවට ප්‍රචාරයවූ ෆේස් බුක් ප්‍රොෆයිල් කිහිපයක්ම මේ වනවිට ඒ අය මකා දමා ඇති බවයි.

No comments:

Powered by Blogger.