සිිිර දඬුවම අවසන් වන තෙක් රැවුල වවනවා – ඥානසාර හිමි



තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් ඥානසාර හිමියන් රැවුල වැවීමට තීරණය කර තිබේ. උන්වහන්සේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට අද (25දා) බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වැඩමකරවනු ලැබූහ.

පසුගිය අගෝස්තු 30 වන දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ සැත්කමකින් අනතුරුව බන්ධනගාර රෝහලට ඇතුළත් කරන ලද උන්වහන්සේ නැවත සැප්තැම්බර් 6වන දින අසාත්මිකතාවයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මාරු කර යවා තිබිණි.

උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත උන්වහන්සේට වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු බව අධිකරණයේ නිගමණය වී තිබේ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන්ට එරෙහිව අධිකරණ කීපයකම චෝදනා විභාග වූ නමුත්, එහිමියන් චෝදනාවකට වරදකරු බව තීන්දු කෙරුණ ප්‍රථම අවස්ථාව මෙය වේ.



No comments:

Powered by Blogger.