“ජනබලය කොළඹට” එද්දී ජනපති මෛත්‍රී කරපු දේ

“ජනබලය කොළඹට” එද්දී ජනපති මෛත්‍රී කරපු දේ

ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට” විරෝධතා රැළිය කොළඹ පැවැත්වෙමින් තිබියදී අද (05) පාර්ලිමේන්තුවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා සැහැල්ලුවෙන් මැතිසබේ පුස්තකාලයට ගොස් පුවත්පත් කියවමින් සිටිනු දක්නට ලැබිණි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහනට එක්වීමට ජනපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් තිබිණි.

මෙහිදී රාජ්‍ය ආයතන 40ක් සඳහා රන් කුසළාන ද ආයතන 21ක් සඳහා රිදී කුසළාන ද ආයතන 40 ක් සඳහා කුසළතා සහතික ද වශයෙන් රාජ්‍ය ආයතන 101ක් ඇගයීමට ලක් කෙරිණි.

2016 මුදල් වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවේ පරිගණක ජාලගත පද්ධති මඟින් දිවයිනපුරා විසිරී තිබෙන සියලු රජ්‍ය ආයතන 837කින් ලබාගත් තොරතුරු ඇසුරින් මෙම ඇගයීම සිදු කරන ලදී.

No comments:

Powered by Blogger.