"වාහන රියදුරෙකුට පහර දෙන වීඩියෝව මීට වසරකට පමණ පෙර පටිගත කළ එකක්" - නි.පොලිස්පති අජිත් රෝහණ

අප ඒෂියන් මිරර් වෙබ් අඩවියේ පසුගිය සතියේ “DIGගේ ප්‍රකාශය පුස්සක් වෙයි: සංවාදය වීඩියෝ කළා යැයි රථ වාහන පොලිස් නිලධාරියා රියදුරුට පහර දෙයි (VIDEO)” යන මැයෙන් පළ කළ පුවතට අදාළ සිද්ධිය සිදු වී ඇත්තේ තමන්ගේ ප්‍රකාශයට වසරකට පමණ පෙර දී යැයි පොලිස් රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත පවසා සිටියි.

එම වීඩියෝවේ සිටින රථ වාහන පොලිස් නිලධාරියා නාරාහේන්පිට පොලීසියට අනුයුක්තව සේවය කළ අයෙකු වන අතර රෝහණ මහතා පවසන පරිදි මෙම සිදුවීම මිට වසරකට පමණ ඉහතදී නාරාහේන්පිටදී සිදු වී තිබේ.

රථ වාහන පොලීසිය සමඟ කරන සංවාද වීඩියෝගත කරන්න යැයි තමා සිදු කළ ප්‍රකාශයට පෙර මේ සිද්ධිය සිදු වී ඇති බව අවධාරණය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා, අදාළ වීඩියෝ දර්ශනය පටිගත කළ රියැදුරාට ඔහු කළ වරද වෙනුවෙන් රුපියල් 2000ක දඩයක් ගෙවීමට සිදු වූ බවද වැඩිදුරටත් පවසා සිටියි.

මිට පෙර පළ කළ පුවත මෙතැනින්, https://ift.tt/2R1Olk6

No comments:

Powered by Blogger.