කොළඹ තවම සාමකාමීයි! ජනපති කාර්යාලයට දැඩි ආරක්ෂාවක් - ජල ප්‍රහාරක රථ, මාර්ග බාධක සූදානම්

කොළඹ තවම සාමකාමීයි! ජනපති කාර්යාලයට දැඩි ආරක්ෂාවක් - ජල ප්‍රහාරක රථ, මාර්ග බාධක සූදානම්

මේ වනවිට කොළඹ තත්ත්වය සාමාකාමීව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

යම් හේතුවක් මත මහා මාර්ග අවහිරතාවයක් ඇති වුවහොත් ඒ පිළිබඳ මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කළේය.

මේ අතර ජනබලය විරෝධතා රැළිය හේතුවෙන් ජනාධිපති කාර්යාලය අසල මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

ජනාධිපති කාර්යාලය අසල සහ ලෝටස් මාර්ගය ආසන්නයේ පොලිස් නිලධාරින් සහ පොලිස් ජල බවුසර් යොදවා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපති කාර්යාලය අසල සහ ඒ අවට සාමකාමී වතාවරණයක් පවතින බවද ගමනාගමන කටයුතු සාමාන්‍ය අයුරින් සිදුවන බවත් වාර්තා වේ.

ලොටස් වටරවුම සහ එම මාර්ගයේ සිට ජනාධිපති කාර්යාලයට පිවිසේ මාර්ගය අසලට පොලිස් මාර්ග බාධක ගෙනවිත් ඇති අතර පොලිසියේ හදිසි දැනුම් දීමට නිවේදනය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රද ගෙනවිත් තිබේ.

මේ අතර විහාරමහා දේවී උද්‍යානය අසලට පොලිස් බල ඇනියක් යොදවා ඇති බවත් ටවුන්හෝල් ප්‍රදේශයේ වෙනදාට පවතින මාර්ග තදබදයක් අද දිනයේ දක්නට නොලැබෙන බවත් වාර්තා වේ.

එමෙන්ම කොළඹ, මරදාන ප්‍රදේශයේද මේ වන විට සාමකාමී වතාවරණයක් පවතින අතර මරදාන දුම්රිය පොල අසලද පිරිසක් පැමිණ රැස්ව තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වනවිට කොළඹ අවට සාමකාමී වතාවරණයක් පවතින බව වාර්තා වේ.

No comments:

Powered by Blogger.