අලි පහරින් මිය ගිය පියාගේ දේහයට වැඳ ශිෂ්‍යාත්වයට යන්නට සිදුවූ දියණිය

න අලියකු පහර දීමෙන් මියගිය තම පියාගේ දේහය නිවෙසේ තැත්පත් කර තිබියදී එම දේහයට වැඳ නමස්කාර කොට මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නට සිදුවූ දැරියක පිළිබඳ අනුවේදනීය පුවතක් අම්පාර ප්‍රදේශයේ පන්නල්ගම ගම්මානයෙන් වාර්තා වේ.
මියගොස් ඇත්තේ
අම්පාර, පන්නල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අනුර ශාන්ත නමැති 37 හැවිරිදි තිදරු පියෙකි.
අනුර මහතාගේ දරුවන් දෙදෙනකු පාසල් යන

අතර බාල දියණිය වන විහංගි ආකර්ෂා මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියාය. අනුර මහතා කුඹුරක් අඳයට ගෙන වගා කරන්නට කටයුතු කරමින් සිට ඇති අතර පසුගියදා (03දා) සවස් යාමයේ කුඹුරට යන බව කියමින් පිටත්ව ගොස් සිටියදී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී වල් අලි ප්‍රහාරයට ලක්වී තිබේ.

මියගිය අය තම බාල දියණිය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් සිට ඇති බවත් පැවසිණි.
 විහංගි ආකර්ෂා දැරිය සුදු ගවුම හැඳ ශිෂ්‍යත්ව විභාගයට යම සඳහා මවගේ පාද අල්ලා වැඳ පියාගේ දේහය අසල ගොස් පියාට වඳින ගාථාව කියන දර්ශනය ඉතාම සංවේදී දසුනක් වූ බව පන්නල්ගම ප්‍රදේශයේ ගම්වාසීහු පවසති.

දියණිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනිය ද දැරියගේ නිවසට පැමිණ ඇයව සනසවමින් දැරිය විභාගය සඳහා පෙනී සිටි මහානාගපුර විදුහලේ ස්ථාපිත කර තිබූ විභාග ශාලාව වෙත ඇයව කැඳවාගෙන යන්නට කාරුණික වී ඇති බව වාර්තා විය.





No comments:

Powered by Blogger.