උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත් හදා බලයි.


උතුරු කොරියාව ඊයේ තවත් කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් මුදා හැරිය බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසනවා.

මාස 17ක නිහැඬියාවකින් පසු ජූලි මස අගදී නැවත මිසයිල අත් හදා බැලීම් ආරම්භ කල උතුරු කොරියාව මේ වන විට එවැනි මිසයිල 7ක් මුදා හැර තිබෙනවා.

අදාල මිසයිල උතුරු කොරියානු නායකයාගේ අධීක්ෂණය යටතේ දියත් කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා කළා.  එය මහා පරිමාණ බහු විධ මිසයිල දියත් කිරීම පිළිබඳ නව අත් හදා බැලීමක් ලෙස සඳහන් වනවා.



No comments:

Powered by Blogger.