දිනකට පැය 4ක් විදුලිය කැපේ

දහවලට පැය 3ක්: රාත‍්‍රියට පැයක් සෙනසුරාදාට පැය 2.15යි - ඉරිදා නෑ
අධික විදුලිය ඉල්ලූම හමුවේ ප‍්‍රමාණවත් විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එක් ප‍්‍රදේශයකට දිනකට පැය 04 ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීම අද (25 වැනිදා) සිට කි‍්‍රයාත්මක වේ.
මේ අනුව දහවල් කාලයට පැය 03 ක් සහ රාති‍්‍ර කාලයට පැය 01 ක් ලෙස විදුලිය අත්හිටුවීම සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්. ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (24 වැනිදා) පැවසීය.
උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, පස්වරු 2.30 සිට 5.30 දක්වාත් විදුලිය අත්හිටුවනු ලැබේ. රාති‍්‍ර කාලයට පස්වරු 6.30 සිට 7.30 දක්වාත්, 7.30 සිට 8.30 දක්වාත්, 8.30 සිට 9.30 දක්වාත් විදුලිය අත්හිටවනු ලබයි.
සෙනසුරාදා දිනවල පැය 2.15 ක් පමණක් විදුලිය කපා හැරීම සිදු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව පෙරවරු 8.30 සිට පෙ.ව. 10.45 දක්වාත්, පෙ.ව. 10.45 සිට පස්වරු 1.00 දක්වාත්, පස්වරු 1.00 සිට පස්වරු 3.15 දක්වාත් සහ පස්වරු 3.15 සිට පස්වරු 5.30 දක්වාත් විදුලිය අත්හිටුවනු ලබයි. ඉරිදා දිනවල විදුලිය කපා හැරීමක් සිදු කරන්නේ නැත.
විදුලිබලය නිෂ්පාදනය කෙරෙන ජලාශවල ජල මට්ටම සියයට 40 අඩුව පැවැතීමත් නොරොච්චෝල තාප බලාගාරයේ විදුලි නිෂ්පාදනය මෙගාවොට් 800 දක්වා පහළ බැසීමත් මෙම විදුලි සැපයුම අත්හිටුවීමට හේතු වී ඇතැයි ද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
No comments: