ව්‍යවස්ථාව එන්නත් කලින් ඇයි මේ කලබලේ



අලුත් ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති නිසා කවුරුන් උපවාස කළද එයින් පලක් නොවන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.
ව්‍යවස්ථා කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතු අතර, ජනමත විචාරණයකින්ද එය ජයග්‍රහණය කළ යුතු බවත්, එනිසා මේ දිනවල සිට උපවාස කිරීමෙන් පලක් නොවන බවත්, අවශ්‍ය නම් උපවාස නොකරම ව්‍යවස්ථාව පරාජයට පත් කිරීමට ඕනෑ තරම් කාලය සහ අවස්ථාව තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ව්‍යවස්ථාව සඳහා පත් කර ඇති මෙහෙයුම් කමිටුවේ සෑම පක්ෂයකම නියෝජිතයන් සිටින අතර ඉදිරියේදී මෙහි වාර්තා සියල්ලම ව්‍යවස්ථාදායක සභාවට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අවසානයේ මෙය කෙටුම්පතක් බවට පත්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ නිසා කිසිවකුට හෝ කලබල වීමට දෙයක් මේ මොහොතේ රට තුළ නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අරලියගහ මන්දිරයේදී ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

උදයන්ති මුණසිංහ

www.reporter.lk

No comments:

Powered by Blogger.