මහින්ද හෙට අංක 30ට


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.
එහිදී විපක්ෂ නායකවරයා විශේෂ පුවත්පත් සාකච්ඡාවක් හා සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බවද විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වුවද හිටපු විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා තවමත් විපක්ෂ නායක නිවෙසින් පිටව ගොස් නැති බවද වාර්තා වේ.

ඉෂාරා සිල්වා


www.reporter.lk

No comments:

Powered by Blogger.