මට මිනිස්සු හූ කිව්වා - වාසුගෙන් පැමිණිල්ලක්


යේ (13) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේදී ඇමති වාසුදේව නානායක්කාර මාධ්‍ය අමතමින් සිටි අවස්ථාවක  අධිකරණයට පැමිණ සිටි පිරිසක් ඊට ආසන්නයෙන් සිට වාසුදේව පවසන දේවල් වලට
විවිධ උසුලු විසුළු කිරීම් වාර්තා විය.
එම අවස්ථාවේ ඇමතිවරයා ඔවුන්ට බැණ වැදී නැවත මාධ්‍ය ඇමතූ අතර ඇමතීම අහවර වූ පසුත් පෙර කී පිරිස ඇමතිවරයාට උසුළු විසුළු සහ හූ හඩවල් නිකුත් කරීම හේතුවෙන් ඇමතිවරයා කුපිත වුණා.

'අඩෝ කවුද මට හූ කියන්නේ' කියමින් පිරිස අතරට

වාසුදේව ගිය මුත් ඔහුට එසේ කියූ අය පැහැදිලිව හඳුනාගන්නට බැරිව නැවත හැරී ඔවුනට බැණ වදිමින් පිටතට ගියේ ආරක්ෂක අංශ සමගිනි.

තමන්ට එම අවස්තාවේ මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ෂල්වරයාට පැමිණිල්ලක් කර තිබෙන බව අද (13) වාර්තා විය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ යළි ඉන් පිටව යන අවස්ථාවේ තමාට කිසියම් පිරිසකගේ 'හූ' කියූ බවත් එම පරිශ‍්‍රයේ ගරුත්වය ආරක්‍ෂා නොවුණ බවත් ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව මාර්ෂල්වරයා පවසා තිබේ.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින්

No comments:

Powered by Blogger.